Discover millions of ebooks, audiobooks, and so much more with a free trial

Only $11.99/month after trial. Cancel anytime.

සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක): රුධිරයේ බැඳීම් කථා මාලාවේ 1 වන පොත
සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක): රුධිරයේ බැඳීම් කථා මාලාවේ 1 වන පොත
සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක): රුධිරයේ බැඳීම් කථා මාලාවේ 1 වන පොත
Ebook505 pages3 hours

සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක): රුධිරයේ බැඳීම් කථා මාලාවේ 1 වන පොත

Rating: 0 out of 5 stars

()

Read preview

About this ebook

එන්වීගේ ජීවිතය විශිෂ්ට විය. උසස් වැඩිමල් සහෝදරයෙක්, වැදගත් පෙම්වතෙක් සමග ගැහැණු ළමයෙකුට ලැබිය හැකි හොඳම රැකියාව සමග ... නගරයේ වඩාත්ම ජනප්‍රිය සමාජ ශාලාහි තැබෑරුම්වල බීම පිලිගන්වන්නියක් වීම. ඇගේ පෙම්වතා විසින් සඳ නර්තනයෙහි නැටුම් ශාලාවේ කල නොමනා ක්‍රියාවක් ගැන ඇගේ හොඳම මිතුරෙකුගෙන් ඇමතුමක් ලැබෙන තුරු සැමදේම හොඳින් සිදුවිය. ඔහුව මුණගැසී ඒ පිලිබඳ විමසීමට ඇය ගත් තීරණය මගින් එදිනෙදා ඒකාකාරී ජීවිතයට යටින් සැඟවී ඇති භයානක අද්භූත ලෝකයක් හඳුන්වා දෙන සිදුවීම් දාමයක් ආරම්භ කෙරෙයි. මිනිසුන් හට ජගුවර්වරුන් බවට පරිවර්තනය විය හැකි ලෝකයක්, සැබෑ වැම්පයර්වරුන් වීථිවල සැරිසරන එලෙසම කඩා වැටුණු දේවදූතයන් අප අතර ඇවිදිමින් සිටින. ඩෙවෝන් යනු ජගුවර්වරයෙකු බවට පත්විය හැකි තරමක් රළු මිනිසෙක් සහ සඳ නර්තනයේ හවුල් හිමිකරුවෙකි. නරුම හදවතකින් සහ විදුලි කම්පන උපකරණයකින් සන්නද්ධව, රතු කෙස් සහිතව සමාජ ශාලාවේ නටමින් සිටින ආකර්ෂණීය කලහකාරී ගැහැනිය දුටුවිට ඔහුගේ ලෝකය එහි අක්ෂයෙන් ඉවතට නැඹුරු විය. ඔවුන් වටා ගොඩනැගුණු වැම්පයර් යුද්ධයකුත් සමඟ ඩෙවෝන් මෙම කාන්තාව තමාගේ බවට පත් කරගැනීමට පොරොන්දු දෙන අතර... ඇයව ලබා ගැනීමට තම උපරිම වීර්යය යොදා සටන් කරයි.
LanguageSinhala
PublisherTektime
Release dateAug 10, 2021
ISBN9788835429500
සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක): රුධිරයේ බැඳීම් කථා මාලාවේ 1 වන පොත

Related categories

Reviews for සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක)

Rating: 0 out of 5 stars
0 ratings

0 ratings0 reviews

What did you think?

Tap to rate

Review must be at least 10 words

    Book preview

    සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක) - Amy Blankenship

    පෙරවදන

    ඇන්ජලීස් ජාතික වනාන්තරය භයානක කූගර් සතුන් සහ ආනයනික ජගුවර්වරු නිදහසේ සැරිසරන්නාවූ ඔවුන්ගේ විශාල නිවහනයි. සමහර විටක, පැහැදිලි රාත්‍රීන් හිදී, ඔවුන්ගේ සංඛ්‍යාව කෙටි මොහොතකට වර්ධනය වන්නේ සාමාන්‍ය ලෙස වෘකයෙකු වැනි එක් වර්ගයක සතෙකු බවට පත්විය හැකි පුද්ගලයින්, නැතහොත් ජනප්‍රවාදයන්හි කියවෙන පරිදි තම ස්වරූපයෙන් මාරුවෙන්නන්, ඔවුන්ගේ දුරස්ථ ඥාති සහෝදරයන් අතර මෙම ඝන වනාන්තරයේ සැරිසරන බැවිනි. නගරයේ සිටින මෙම  විලෝපිකයන්, දඩයම් කිරීමට, එසේ නැතහොත් ඉතාමත් කලාතුරකින්, මිනිස් තණතීරුව මත විසඳිය නොහැකි සටන් නිරාකරණය කරගැනීමට මෙලෙස ඔවුන්ගේ භූමිය ආක්‍රමණය කරන අතර මෙවිට සැබෑ සතුන් ඔවුන්ගේ ගුහාවල සැඟවී සිටියි.

    එම මාරුවෙන්නන් සටන් කරන විට ඔවුන් ඉතා බිහිසුණු වන අතරම ඔවුන්ගෙන් එක් අයෙකු තුවාල ලැබුවහොත්, ඔවුන්ගේ සත්ත්ව සගයන්ට මෙන්ම මිනිසුන්ටද අනතුරුදායක වනු ඇත. ඔවුන් සමග ජීවත් වන සැබෑ මිනිසුන් ආරක්ෂා කිරීම සඳහා, මාරුවෙන්නන් අතර ඇතිවන ආරවුල්, හැකි සෑම විටම එම මිනිසුන්ගේ පරාසයෙන් බැහැරව සිදු කෙරෙන අතර එයට හොඳම ස්ථානය ඔවුන්ගේ ස්වදේශික ගැඹුරු දඩයම් භූමින් තුළ වේ.

    අද රාත්‍රියේ වනාන්තරය තුල හොල්මන් සිටින්නාක් මෙන් නිශ්ශබ්ද භාවයකට පත්වූයේ නගරයේ විශාලතම සමාජ ශාලාවේ හිමිකරුවන් දෙදෙනා හීලෑ නොවූ ප්‍රදේශයට ඇතුළු වන විටය. ඔවුන් ඇතුළුවූයේ, ඔවුන්ගේ අභ්‍යන්තරයේ වූ මෘගයාට නිදහසේ දිවීමට ඉඩ දීම සඳහා ඔවුන්ගේ ඇඳුම් ගලවා දමමිනි. ඔවුන් අද රාත්‍රියේ දඩයම් කරමින් සිටියේ, ඔවුන් දෙදෙනාවම විනාශ කළ හැකි වැම්පයරයෙකුගේ සොහොනයි.

    කිසිම මිනිසෙකුට හඬක් නොඇසෙන්නාවූ ඝන වනාන්තරය තුළ, කුඩා ජගුවර් වංශයක නායකයා වූ මලාකී, අන්ධකාරය මැදින් දිව ගියේ තම සතුරා දෙසටය… තම හොඳම මිතුරාට වඩා විශ්වාස නොකළ යුතුව තිබුනාවූ මිනිසෙකු දෙසට. ඔහුගේ ඉලක්කය තවත් මාරුවන්නෙකි, එනම් කූගර් රුධීරය ඔහුගේ නහර හරහා දිවෙන නතානියෙල් විල්ඩර් වෙත… පසුගිය අවුරුදු 30 තුළදී ඔහුගේ ව්‍යාපාරික සහකරු.

    මලාකී වනාන්තරයේ එළිමහන් ප්‍රදේශයකට පිවිසෙන විට නතානියෙල් මිනිස් ස්වරූපයෙන් ඔහු දෙස බලා සිටිනු දුටුවේය. ඔහු පියවර කිහිපයක් ඉදිරියට ගත්විට, මලාකී සිය මිනිස් හැඩයට නැවත පැමිණුන අතර, ඔහුට එය දැනුනේ එක් ස්වරූපයකින් තවත් ස්වරූපයකට ඇවිද යාමක් ලෙසටය. ඔවුන් කුමන ස්වරූපයකට මාරු වුවද ඔවුන් දෙදෙනාම මාරාන්තික වූහ. මිනිසුන් වශයෙන් ඔවුන් දෙදෙනාම තම මෘදු සම යට යකඩ වැනි මාංශ පේශින්ගෙන් යුතු කුසලතා ඇත්තෝ වූහ. මාරුවන්නන්ගේ වයසට යාම මන්දගාමී වූ අතර දෙදෙනාම වයස අවුරුදු 50 ඉක්මවා ගිය අය වූවද 30 හැවිරිදි වියේ පෙනුමකින් යුතු වූහ.

    මෙය හොලිවුඩ් චිත්‍රපටයක් වූයේ නම්, එය දළ වශයෙන් වෙනස් කිරීමට මිනිත්තු කිහිපයක් ගතවනු ඇත, නමුත් මෙය යථාර්ථයක් වූ අතර මෙම එළිමහන් ප්‍රදේශයේ අරුම පුදුම බියකරු සත්ත්වයින් නොසිටියහ. තම නිරුවත් භාවය මාරුවෙන්නෙකුට වැදගත් දෙයක් නොවූ අතර ඔවුන්ට ඉහල අහසේ කළු වලාවන් අතරින් පැමිණි චන්ද්‍රාලෝකය, ඔවුන් දෙදෙනා දෙසට එල්ල කල විදුලි ධාරාවක් මෙන් ඔවුන් මත පතිත වී තිබිණි.

    නතානියෙල් තම මිතුරා සමඟ තර්කානුකූලව කතා කිරීමට උත්සාහ කරමින් කීවේ මේ දේ මෙහෙම වෙන්න ඕනේ නැහැ. කියායි. මට ඇහුන්කම් දෙන්න! ඒක අවුරුදු තිහකට ඉස්සර, අනික දැන් තත්වය වෙනස් වෙලා තියෙන්නේ… මම වෙනස් වෙලා ඉන්නේ.

    අවුරුදු තිහක් වටින බොරු ගොඩක්! මලාකී ගිගුරුම් දුන් අතර ඔහුගේ කටහඬ එළිමහනේ දෝංකාර දුන්නේය. ඔහුගේ බැල්ම, ඔහු කේන්ව වලදැමූ ස්ථානය වෙත යොමුවූ අතර ඔහුගේ ඇස්වලට තෙතමනයක් පැමිණි බව ඔහුට දැනුනි. ඔයා නිසා, මම කේන්ව කුණු ගොඩකට බැන්දා… ඔයා හින්දා මම අවුරුදු තිහක් තිස්සේ එයාව  අත්හැරියා!

    මට එයාව හාරන්න ඉඩ දෙන්න බැහැ, මලාකී! ඔයා දන්නවා එහෙම කලොත් මොකක්ද වෙන්නේ කියලා. මලාකී කලක් තම හොඳම මිතුරා වූ මිනිසාගේ සොහොන දෙස අසාවෙන් බලා සිටියදී නතානියෙල් නොසන්සුන්ව බලා සිටියේය. ඔහු එය කිසි විටෙකත් තේරුම් ගෙන නොතිබුණි. කේන් වැම්පයරයෙකු වූ අතර භයානක කෙනෙකුද විය.

    ජගුවර් සහ කූගර් අතර ඇතිකර ගත් හවුල්කාරිත්වයට බාධා වූ කාරණා දෙකෙන් එකක් කේන් විය… කේන් සහ මලාකීගේ ලස්සන, රැවටිලිකාර, වංචාකාරී බිරිඳ කාලෝටා. නතානියෙල් ඇයට මුලින්ම ආදරය කර තිබුණි. කාරණා මේ ආකාරයෙන් සිදුවේ යැයි ඔහු බලාපොරොත්තු නොවීය. අවසානයේදී, නතානියෙල් ඊර්ෂ්‍යාවෙන් කෝපයෙන් එම ගැටලුව විසඳා තිබුණි… එක් හදිසි කඩා වැදීමකින් කුරුල්ලන් දෙදෙනෙකු මැරීම.

    එයා මගේ හොඳම යාලුවා, ඒ වගේම එයා මාව පාවා දුන්නෙත් නැහැ! ඔයා තමයි මගේ පිටට පිහියෙන් ඇන්නේ! මලාකී කෝපයේ කඳුළු සඟවා ඔහු පැළඳ සිටි කරාබුව ස්පර්ශ කළේය; කේන්ගේ කරාබුව. ඔහු කළේ කුමක්ද? කේන් තම මියගිය බිරිඳ වෙත නැමී සිටිනු බව දුටු විට, කේන් මිනීමරුවා බව නතානියෙල් තහවුරු කරන තුරු ඔහු ව්‍යාකූලත්වයට පත්වී සිටියේය.

    ඇය මේ ස්ථානයේදී මියගොස් සිටි නිසා ඔහු සිතුවේ කේන්ව මේ භූමියට බැඳ තැබීම සුදුසු බවයි… මේ පසටම. ඔහු කේන්ගේ මන්ත්‍ර සඳහන් පොත සොරකම් කර, පළිගැනීම සඳහා එය ඔහුට එරෙහිව භාවිතා කළේය.

    ඔව්, නතානියෙල් එක දෙයක් ගැන නිවැරදි විය. බොහෝ වැම්පයර්වරු නපුරු වූ නමුත් ඉතා සුළු පිරිසක් එසේ නොවුහ. කේන් ඔවුන්ගෙන් එක් අයෙකි. නමුත් ඔහු කළ දෙයට වඩා නපුරු කිසිවක් නැත. මෙම මන්ත්‍රය  ආපසු හැරවිය හැක්කේ කේන්ගේ ආත්ම සහකරුට පමණි.

    මලාකි ඒ වන විට එය විහිළුවක් ලෙස සැලකුවේ කේන් කිසිදා වයසට නොගියත් ඔහුගේ ආත්ම සහකාරිය එවිටත් හමුවී නොසිටි බැවිනි. අතීතයේ දී, ඔහු සහ කේන් බොහෝ විට විහිළු කරමින් කතා කළේ එවැනි කාන්තාවක් කිසි දිනෙක උපත නොලබන බවයි. ‘දෙවියන්ට, කවදා හෝ එයාගේ සමහර ක්‍රියා වලට එකඟ වන ගැහැණු කෙනෙක් නිර්මාණය කරන්න හාස්‍යජනක හැඟීමක් තියෙන්න ඕනේ’ යනුවෙන් තමන් කියූ දෙයට කේන් සිනහවූ ආකාරය ඔහුගේ මනසට මැවී පෙනුනි.

    එයා ගොඩාක් කල් ඉඳන් ඔතන යට ඉන්නේ. නතානියෙල් අනතුරු ඇඟවීය. ඒ මුළු කාලයම ලේ වලට තියන ආසාවෙනුයි, උමතුවෙනුයි එයාව මෙහෙයවනවා… ඔයා දැන් කේන්ව නිදහස් කලොත් එයා අපිව මරයි.

    මලාකී තම හිස සොලවා නතානියෙල් දෙස බැලුවේය. එයාට මාව විතරයි මරන්න වෙන්නේ, මොකද ඔයා එතකොටත් මැරිලා හින්දා.

    නිකුත් කළ තර්ජනයත් සමඟ දෙදෙනාම යළිත් වරක් ඔවුන්ගේ සත්ව ස්වරූපයට මාරු වූහ.

    *****

    දඩයම් කිරීම ප්‍රවේශමෙන් පාලනය කරන විශාල භූමි ප්‍රදේශයට යාබදව පිහිටි කඳවුරු භූමියේ අද්දර, තබතා කිං නොහොත් සියල්ලන්ම ඇයව අමතන්න ආකාරයට ටැබී, තම දෙමව්පියන්ගේ දැවැන්ත කූඩාරමේ වාහනයේ පඩි මත හිඳගෙන ඝන වලාකුළු අතරින් එබී බලන තාරකා දෙස බලා සිටියාය. ඇය තම නළලට වැටී තිබූ කෙස් රොදවල් හුස්ම පිඹ ඉවත් කරමින්, මෙතෙක් වේලා තිබූ වැස්ස නතරවීම ගැන සතුටු වූවාය.

    ඇය කඳවුරු බැඳගෙන සිටි පළමු අවස්ථාව මෙය වන අතර ඇයට කිරීමට අවශ්‍ය වූ අවසාන දෙය වූයේ තම සුවපහසු විනෝදකාමී වාහනය තුලටවී සිටීමයි. ඇය මෙම සංචාරය ගැන බෙහෙවින් සතුටට පත්වූ අතර පවුලේ කුඩා සුනඛයා වන ස්ක‍්‍රැපීව රැගෙන ඒමට ඔවුන් එකඟ වූ විට වඩාත් සතුටට පත්වූවාය. ඇයට ඒ සඳහා බොහෝ අයැදීම් කිරීමට සිදුවූ නමුත් ඇගේ කුඩා හොඳම මිතුරා වන යෝර්කි වර්ගයේ බලු පැටියා රැකබලා ගන්නා බවට පොරොන්දු වීමෙන් පසු, ඇය අවසානයේ ඇයගේ දෙමාපියන්ගේ අකමැත්ත මැඩලීමට සමත් වූවාය.

    ස්ක‍්‍රැපී මේ වන විට අන්ධකාරය දෙස බලා බුරමින් සිටියේය. ඔහුව බැඳ තිබූ දම්වැලෙන් මිදී ඔහුගේ අවධානයට ලක් වූ සෙවණැලි පසුපස හඹා යෑමට ඔහු කැමති විය. ස්ක‍්‍රැපී හදිසියේම ඔහුගේ දම්වැලෙන් මිදී පලා ගිය විට කුඩා දැරිය තදින් හුස්ම ගත්තාය. කඳවුරු භුමිය, දඩයම් කිරීම පාලනය කරන ලද විශාල භූමි ප්‍රදේශයෙන්  වෙන් කළ වැටේ, පතුලේවූ කුඩා විවරයක් තුලින් බලු පැටියා පැන යනවිට ඇය වානේ පඩිපෙළ මත සිටගෙන සිටියාය.

    ස්ක‍්‍රැපී එපා! ටැබී කෑගසමින් බල්ලා පසුපස දිව ගියාය. බල්ලාව නැතිකර නොගන්නා බවට ඇගේ දෙමාපියන් ඇයව විශ්වාස කර තිබුණි. වැට අසල නතර වූ ඇය ගස්වල අඳුර දෙස බලා තදින් ආශ්වාස කළාය. මම බයගුල්ලෙක් නෙමෙයි කියමින් ඇය විවරය විමර්ශනය කිරීම සඳහා දනින් වැටීමට පෙර අධිෂ්ඨානයෙන් යුතුව ඇයගේ පහළ තොල සපා ගත්තාය.

    කුඩා සීරීම් කිහිපයක් සමගින්, ඇයද වැටෙහි එම සිදුර තුලින් රිංගා ගිය අතර වනාන්තරයේ දුරින් ඇසුනාවූ බල්ලාගේ බිරීම් හඬ ඔස්සේ ඒ දෙසට දිව ගියාය. ඔයා මාව කරදරයක දායි වගේ ඇය තදින් හඬ නඟා පවසා,  ඇගේ දිවෙන් ශබ්ද කරන්නට පටන් ගත්තේ බලු පැටියා නිතරම එම ශබ්දයට තමන් වෙත පැමිණෙන බව දැනසිටි නිසාය.

    ටැබී, ඔයා කොහෙද?

    ඇය පිටුපසින්, තබතාට ඇගේ මවගේ ඇමතීම ඇසුණු නමුත් ඇය වැඩි කැමැත්තක් දැක්වූයේ ඇගේ බල්ලා නැවත කඳවුරට ගෙන ඒමට ය. ස්ක‍්‍රැපී ඇගේ බල්ලා වූ අතර ඔහු බලාගැනීම ඇයගේ යුතුකම විය. එබැවින්  ඇය නැවත ඇගේ මවට හෝ බලු පැටියාට කතා කරනවා වෙනුවට මදක් නිශ්ශබ්දව සිට ස්ක‍්‍රැපීගේ උස් හඬින් කෙරුනාවූ බිරීම පසුපස ගියාය.

    වැඩි වේලාවක් යාමට පෙර තබතාට, විනාඩියක් පමණ නතර වී ඇගේ හුස්ම අල්ලා ගැනීමට සිදුවිය. ඇය ගසකට හේත්තු වී ඇගේ අපිරිසිදු දණහිස් මත අත් තබා හුස්ම ගනිමින් වනාන්තරයේ හඬට සවන් දුන්නාය. ඇයට සැමවිටම අවශ්‍ය වූයේ කැලෑව මැද සිටගෙන රූපවාහිනියේ චිත්‍රපටවල සිටින ඉන්දියානුවන් කරන්නාක් මෙන් සවන් දීමටයි.

    මඳ වේලාවකට වෙන්ව තිබූ වැසි වලාකුළු නැවතත් එක්වී මෙතෙක් වෙලා තිබූ දීප්තිමත් සඳ එළිය හදිසියේම අතුරුදහන් විය. ඇයට තවදුරටත් කඳවුරේ තිබූ විදුලි පහන් ආලෝකය නොපෙනෙන බව දුටුවිට ඇයගේ දෑස් විශාල විය.

    අවිනිශ්චිත පියවරක් ඉදිරියට තබමින් ඇය වටපිට බැලූ නමුත් ඇය දුටුවේ අන්ධකාරය, යන්තම් හඳුනාගත හැකි ගස්වල කඳන් සහ අඳුරු සෙවනැලි පමණි. ඇයට තරමක් පිටුපසින් යම් දෙයක් ගෙරවිලි හඬක් නගමින් ඉවතට ඇදී යන විට ඇය බයෙන් ඉකිගැසුවාය. ඇය එම දිශාවට අකමැති බව තීරණය කරමින් ඇය පසුපස හැරී නොබලා දිව්වාය.

    සදාකාලයක් සේ හැඟුනාවූ කාලයකට පසුව ඇයට ස්ක‍්‍රැපීගේ බිරුම් හඬ නැවත ඇසුණු අතර, ඇය පිටුපසින් ගෙරවූ දෙය තමා පසුපස හඹා නොඑනු ඇතැයි සිතා ඇය බල්ලාගේ හඬ පැමිනි දෙසට නැවතත් දුවන්නට ගත්තාය. ඇයට තවත් ගෙරවීම් හඬක් ඇසුන නමුත් මෙවර එය ඇසුනේ ඇයගේ ගමන් මාර්ගයේ ඉදිරියෙනි.

    ඇගේ විලුඹ පොලවට තද කිරීමෙන් තම ගමන නැවැත්වීමට ඇය උත්සාහ කළ නමුත් පොලව, ලිස්සන සුළු කොළ වලින් සහ වර්ෂාවෙන් පසු ඇතිවී තිබූ මඩින් වැසී ගොස් තිබිණි. නවතිනවා වෙනුවට ඇය තවදුරටත්  ලිස්සා ගිය අතර කිසිවක් කරගැනීමට නොහැකිවූ ඇය බෑවුමකින් පහළට ලිස්සී ගියාය.

    ඇය වැටී තිබුන ගසක ගැටුන විට ඇයගේ ලිස්සායාම නතර වූ අතර ඇතිවූ කම්පනයෙන් ඇයගේ හුස්ම ඇයගෙන් පිටතට විසිවිය. ඇගේ හුස්ම යලිත් ගැනීමෙන් පසු ඇයට හැඟුණු පළමු දෙය නම් ස්ක‍්‍රැපී තවදුරටත් බුරන්නේ නැති බවය. ඇයට නැවතත් ගෙරවීම ඇසුන බැවින් ඇය ඉක්මනින් කඳු මුදුන දෙසට නැගීමට පටන් ගත්  අතර එවිටම ඇයට මෘදු කෙඳිරිගෑමක් ඇසුනි. දණ ගාමින් සිටි ඇය, වැටී තිබූ ගසේ කඳට ඉහළින් බැලූ විට සඳ එළිය කෙළින්ම වැටී බැබළෙන කුඩා එළිමහන් ප්‍රදේශයක් දුටුවාය.

    එම එළිමහන මාධ්‍යයේ ස්ක‍්‍රැපී සිටි අතර නිවසේ සිටියදී වීථියේ බල්ලෙකු විසින් සපා කෑ අන්දමට ඔහු කෑගසමින් සිටියේය. බලු පැටියා බිම පැතලි ආකාරයට වැතිරී සිටිමින් පසුපසට බඩගා ගියේය. ඒ ඇයි දැයි දුටු ඇගේ නිල් පැහැති ඇස් පුළුල් විය. එළිමහන් බිමෙහි සතුන් දෙදෙනෙකු සෙමෙන් එකිනෙකා දෙසට ගමන් කරමින් සිටි අතර ස්ක‍්‍රැපී හරියටම ඔවුන් මැද විය.

    අපොයි, ටැබී ඇගේ හුස්ම යටින් කතා කළේය.

    ඇය මෙම සංචාරය යාමට පෙර ඇගේ පියා විසින් පෙන්වන ලද ඡායාරුප මගින් එම සතුන් හඳුනා ගත්තාය. එක් අයෙක් කූගර් කෙනෙකු සහ අනෙකා රූපවාහිනියෙන් දැක ඇති පරිදි හඳුනා ගත්තාය… ජගුවර් කෙනෙක්. ඇය සත්ව සංදර්ශන නැරඹීමට ප්‍රිය කළ අතර රූපවාහිනියේ සතුන් එකිනෙකාට පහර දීමට උත්සාහ කරන විට ඇගේ මව මෙන් පිළිකුලට පත් නොවූවාය. නමුත් මෙහි තත්ත්වය වෙනස් විය… මෙය සැබවින්ම මෙන්ම තරමක් බියජනකද විය.

    ඔවුන්, ඔබව අනුභව කළහැකි විශාල බළලුන් වූහ. එම සුන්දර සතුන් තම උගුරේ ගැඹුරින් ගොරවමින් එකිනෙකා වටා රවුමට කැරකුණ අතර ඔවුන්ගේ දෑස් විශාල රන් පදක්කම් මෙන් දිදුලමින් තිබිණි. ඔවුන්ගේ මාරාන්තික ශබ්දය හමා එන සුළඟ මගින් තබතා වෙතට ඇදී ආවේ ඇය ගෟෙරව සම්ප්‍රයුක්ත බියකින් ඔවුන් දෙස බලා සිටියදීය.

    එන්න ස්ක‍්‍රැපී, ඇය සිමිහිට පැවසුවේ විශාල බළලුන් හට එය නොඇසෙයි කියා සිතමිනි. එයාලගෙන් එක්කෙනෙක්ට ඔයාව පෑගෙන්න ඉස්සෙල්ලා ඔතනින් එන්න. ඇය කියන්නට සිතුවේ ‘ඔයාව කන්න ඉස්සෙල්ලා’ කියා වුවත්, ඒ වන විටත් බයවී සිටි අහිංසක බලු පැටියා තවත් බිය ගැන්වීමට ඇයට අවශ්‍ය නොවීය.

    බළලුන් දෙදෙනා හදිසියේම තදින් කෑගැසූ අතර තබතා ඇගේ දෙඅත්ලින් තම දෙකන් වසාගත්තේ එය අති බිහිසුණු ශබ්දයක් වූ නිසාය. ඔවුන් එළිමහන් බිම හරහා එකිනෙකා වෙත වේගයෙන් දිව ගිය අතර, ස්ක‍්‍රැපී ඔහුගේ වලිගය ඔහුගේ කකුල් අතර සඟවා බියෙන් මිරිකෙමින් සිටියේය.

    කම්පනයට පත්ව සිටි තම බලු පැටියා දුටු තබතා ගසට උඩින් පනිමින් ඇයට හැකි උපරිම වේගයෙන් ස්ක‍්‍රැපී දෙසට දිව ගියාය. ඇය බළලුන්ට වඩා ස්ක‍්‍රැපීට සමීප වූ අතර ඇය බල්ලා වෙතට පැන ඔහුගේ කුඩා සිරුර ඇයගේ සිරුරින් ආවරණය කල අතර සතුන් දෙදෙනා උඩට පැන ඇයට කෙළින්ම ඉහළ අහසේ එකිනෙකා හා ගැටුනෝය.

    කරුණාකරලා, මගේ බල්ලට රිද්දන්න එපා! ඇය කෑගැසුවාය.

    තියුණු නියපොතු ඇගේ අත සූරන විට සහ තවත් අතකින් ඇයගේ පිටෙහි සම සීරී යන විට ඇය නැවතත් කෑගැසුවාය. බළලුන් ඇගේ පිටුපසින් බිම ඇද වැටුනේ ඇටකටු බිඳෙනසුළු ශබ්දයක් සමග වූ අතර ඔවුන් තවමත් එකිනෙකා වෙත ගොරවමින් කෑගසමින් සිටියහ. තමාට අඩි කීපයක් පිටුපසින් සටන් කරන සතුන් දෙස බැලීමට එඩිතර නොවී, මෘදු ලෙස කෙඳිරිගාමින් සහ වෙව්ලමින් සිටි ස්ක්‍රැපීව තම සිරුරින් ආවරණය කරමින් ඇය වකුටුවී  සිටියාය.

    තබතා තමා සිටි ස්ථානයෙන් සෙලවීමට බිය වූ අතර බල්ලාව හැකි තරම් තදින් අල්ලා ගත්තාය. ඇගේ දෑස් තදින් පියාගෙන සිටිමින් බළලෙකුගෙන් තමාටද හානි සිදුවුවහොත් දුව ගොස් උදව් ලබා ගන්නා ලෙස ස්ක‍්‍රැපීට හිමිහිට කීවාය. ඇගේ පිටට තෙත් සහ උණුසුම් යමක් වැටුන බව දැනුනද ඇය නොසෙල්වී සිටියාය. අවසානයේදී, සටන නතර වූ අතර ඇයට තම උරහිසට ඉහළින් බැලීමට අවස්ථාවක් ලැබුණි.

    ඇයගේ පිටුපස ලේ වැගිරෙන මිනිසුන් දෙදෙනෙකු වැටී සිටිනු දුටුවිට ඇය කම්පා වී හඬන්නට පටන් ගත්තාය. තබතා ඉතා සෙමෙන් ස්ක‍්‍රැපී තම දෑතින් ගෙන දණගසා, සිමින් පසුපසට යන්නට පටන් ගත්තාය. කූගර් සහ ජගුවර් ගියේ කොහාටද? ඔවුන් මේ මිනිසුන් දෙදෙනාට පහර දී පලා ගියාද? පිරිමින් ඇඳුම් ඇඳ නොසිටියේ  ඇයි?

    නතානියෙල් හදිසියේම තම දෑස් විවර කර ඉතා තියුණු දත් ඇය වෙත විලිස්සුවේය.

    තබතා බයින් පසුපසට ඇලවී ගිය නමුත් ඇයගේ දෙපා වාරු කරගැනීමට සමත්වූවාය. මිනිසාගේ කෑගැසීම කූගර් වරයෙකුගේ හඬට සමානවූ අතර බියවූ ස්ක‍්‍රැපී ටැබීගේ දෑතින් පිටතට පැනගත්තේය. ඔහු බියෙන් කෑගසමින් යලි වනාන්තරයට පලා ගියේය.

    මලාකීගේ ශරීරය ගැහෙමින් තිබූ අතර ඔහුගේ පපුවෙන් ලේ ගලා ගියේය. ඔහු කට ඇර කුඩා දැරිය දෙස බලා එක් වචනයක් කීවේය.

    දුවන්න! ඔහුගේ කටහඬ අවසන් වූයේ කන් ඉරායන ජගුවර කෑගැසීමකිනි.

    තබතා කීකරු වීම ගැන දෙවරක් නොසිතුවාය. ඇය අනිත්පස හැරී, පිටුපස නොබලමින් එළිමහනෙන් පිටතට දිව ගියාය. ඇය යන්නේ කොහේදැයි යන්න ගැන ඇය සැලකිලිමත් නොවූවාය; අවශ්‍ය වූයේ ලේ වලින් වැසී ගිය බිහිසුණු මිනිසුන්ගෙන් හැකිතරම් ඈත්වීම පමණි.

    *****

    ස්තූතියි, දැන් දේශීය ප්‍රවෘත්ති. අද රාත්‍රියේ ප්‍රාදේශීය පවුලකට සතුට සැමරීමට හේතුවූ කාරණාවක් තිබුණි. මීට දින තුනකට පෙර ක්‍රිස්ටල් විල අසල කඳවුරක සිටියදී පවුලේ සුනඛයා සොයා ගැනීම සඳහා වනාන්තරයට ගොස් අතුරුදහන්ව සිටි ඔවුන්ගේ දියණිය වන තබතා, ඇන්ජලීස් ජාතික වනාන්තරය තුළ ඉලක්කයක් නොමැතිව ඉබාගාතේ ඇවිදිමින් සිටියදී සොයාගෙන ඇත. දින තුනකට පෙර ඇයගේ බල්ලා තම දම්වැලෙන් මිදී වනාන්තරයට දිව ගොස් ඇත. හත් හැවිරිදි දරුවා ධෛර්ය සම්පන්නව බල්ලා පසුපස හඹා ගොස් තිබූ අතර අද උදෑසන වන තෙක් ඇය සොයා ගැනීමට නොහැකි විය. අවාසනාවට, ඇය හමුවන විට බල්ලා ඇය සමග නොසිටියේය. බලධාරීන් පවසන පරිදි, මේ වනවිට ඇය ප්‍රජා රෝහලේ සිටිමින් කම්පන තත්වයෙන් සුවය ලබමින් සිටින අතර, ඇය කූගර් ප්‍රහාරයකින් දිවි ගලවාගෙන ඇති බව පෙනේ. කුඩා තබතා වනාන්තරය තුලදී දැක තිබූ තුවාල ලැබූ මිනිසුන් දෙදෙනෙකු ගැන දිගින් දිගටම වනාන්තර ආරක්ෂක නිලධාරීන්ට පැවසුවද වර්ග සැතපුම් පන්දහසක් පමණ වූ ප්‍රදේශයේ ඔවුන්ව සොයා දැඩි මෙහෙයුමක් සිදුකලද කිසිවක් සොයා ගැනීමට නොහැකි විය. ඊළඟ පැයේදී තවත් විස්තර අපි ඔබ වෙතට ගෙනෙන්නෙමු.

    1 වන පරිච්ඡේදය

    අවුරුදු 10 කට පසු…

    සමාජ ශාලාවෙන් ඝෝෂාකාරී සංගීතය රිද්මයානුකූලව නික්මුණ අතර එහි විශාල දම් පැහැති නියොන් එලිය දෙන සලකුනෙහි වර්ණ, සංගීතය සමඟ සමපාතව වෙනස් විය. වීථියේ අනිත් පස තිබූ ගොඩනැගිල්ල මතට  විදුලි ආලෝකය වැටී බියකරු දිස්නයකින් බැබලුණි. එම ගොඩනැගිල්ලේ වහලය මත කෙටි, සැහැල්ලු, දුඹුරු පැහැති හිසකෙස් ඇති මිනිසෙක් එක් පාදයක් ගැටිය මත තබා සිටගෙන සිටියේය. ඔහු ඉදිරියට නැමී, එක් වැලමිටක් ඔහුගේ නැමුනාවූ දණහිස මත තබා, සිගරට්ටුවක් පානය කරමින් සිටියේය.

    කේන් ට්‍රිප්, ඔහුගේ හිස තරමක් ඇලයට නමා තම කොට උල්වූ කෙස් කළඹ හරහා අතක් යැව්වේය. ඔහු එය කැපීමට අකමැති විය, නමුත් එහි තිබූ දිග ඔහුට අහිමි විය. එමගින් ඔහුගේ පිටට දැනුනු සේද බව ඔහුට තවමත් මතකය. සිගරට්ටුව තම තොල් දෙසට ඔසවා, ඔහුව පණපිටින් වළලා මැරී යාම පිණිස අතහැර දැමීමට පෙර ඔහු කළාවූ දුම් පානය මෙන්, ඔහුට බොහෝ දේ මග හැරී ඇති බව තේරුම් ගෙන ගැඹුරින් සිගරට්ටුව ආශ්වාස කළේය.

    මීට වසර හතළිහක් වැනි දිගු කාලයකට පෙර කුඩා ජගුවර් වංශයක නායකයා වූ මලාකි විසින් ඔහු තම ආරක්ෂාව නොමැතිව සිටින අවස්ථාවකදී, එම මාරුවෙන්නාගේ සහකාරිය ඝාතනය කළ බවට චෝදනා කරන ලදී. එම රාත්‍රියට පෙර සිටම කේන්, ජගුවර්වරුන් සමඟ හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය අතර ඔවුන්ගේ නායකයා ඔහුගේ සමීපතම මිතුරෙකුද විය. කේන්ගේ තොල් එම මතකයත් සමග තුනී වී ගියේය. මලාකී මහත් කෝපයෙන් ඔහුව අල්ලා, විනිශ්චය කොට, දඬුවම්ද දී තිබුණි.

    කේන් ඉතා පරිස්සමින් සඟවා ඇතැයි සිතූ පොතක මන්තරයක් භාවිතා කරමින්, ඔහුට චලනය වීමට හෝ කතා කිරීමට නොහැකි ලෙස ඔහුව ශාපයක් මගින් බැඳ දමා තිබුණි... තමාව ආරක්ෂා කර ගැනීමට පවා ඔහුට නොහැකි ලෙස. එලෙසම ඔහු විසින්, දිවා කාලයේ කේන්හට බාධාවකින් තොරව සැරිසැරීමට හැකිව තිබූ ලේ පැහැති ගලින් නිමවූ කරාබුවද ඉවත් කළේය. එම ලේ පැහැති ගලින් නිමවූ කරාබුව පළමු වැම්පයර් වන සින් හට  අයත්ව තිබූ එකක් විය.

    කේන් වරක් ඇසුවේ පළමුවැන්නෙක් සිටිය හැක්කේ කෙසේද යන්නයි. පිළිතුර ඔහුව මවිතයට පත් කළේය.

    සින් මේ ලෝකයට පැමිණියේ තුවාල වී, සාගින්නෙන් පෙළෙමින් සහ තනිවමය. තරුණයෙක් ඔහුව දැක  ඇති අතර ඔහුගේ සාගින්න නිවා ගැනීමට සින් එම තරුණයාගේ රුධිරය ආහාරයට ගෙන ඇත. එම වැම්පයර් මෙම ලෝකයේ පවුලක් බිහිකිරීමේ බලාපොරොත්තුවෙන් ඉක්මනින්ම තේරුම් ගත්තේ, මේ ලෝකයේ මිනිසුන් දුබල ජීවීන් බවත්, ඔහුගේ රුධිරය යමෙකු හා බෙදාගතහොත් ඔවුන්ගේ ආත්මය ඔවුන් අතහැර යන බවත්ය. නමුත් ඔවුන්ගේ ආත්ම නැති වූ පසු, ඔවුන්ගෙන් ඔහුට වැඩක් නැති බවත්, ඔවුන් අමනුස්සයින්ට වඩා වැඩි වෙනසක් නැති බවත් තේරුම් ගත්තේය.

    ඔහුගේ නිමක් නොමැති ජීවිත කාලය තුළදී, තම ආත්මය තමන් වෙතම තබාගෙන ඔහුගේ දරුවන් බවට පත්වූ... මනුෂ්‍යයන් තිදෙනෙකු පමණක් සින් හට හමුවී තිබිණි. එකම වෙනස වූයේ ඔවුන් හැරුණු පසු සූර්යයා මගින් ඔවුන් දැවී යාමයි… එබැවින් ඔවුන් සහ ඔවුන්ගේ බිහිසුණු සහෝදර සහෝදරියන් දිවා හිරු එළියෙන් සැඟවී සිටීයහ. මෙය කිසි විටෙකත් සින්ගේ ග්‍රහලෝකයේ ගැටළුවක් නොවුනේ, ලේ පැහැති ගල නිසාය.

    සින් පැළඳ සිටි ඝනකම් අත් ආවරණ ඔහු සමගම ඔහුගේම ලෝකයෙන් පැමිණි ඒවා වූ අතර ඒවා ලේ ගල් වලින් සාදා තිබිණි. එක් අතක පැළඳි ආවරණයෙන් කොටසක් කපා එයින් ඔහු මුද්දක්, මාලයක් සහ තනි කරාබුක් සෑදුවේය. කේන් යළිත් වරක් තම අත ඔසවා ඔහු පැළඳ සිටි කරාබුව ස්පර්ශ කළේය.

    ලේ ගල ඔහුට අර්ධ සාමාන්‍ය ජීවිතයක් ලබා දී තිබුනද… කේන්ගේ පරිහානිය වූයේ සින්ගේ මන්ත්‍ර පොතයි. සින් නිදා සිටියදී තමන් විසින් තෝරාගත් තැනැත්තාට ඥානාන්විතව භාවිතා කිරීමට හැකිවන සේ ඔහු විසින් එය අත්හැර දමා තිබුණි. ආත්මය නොමැති දරුවන් මගින් මිනිසුන් හට විශාල අවදානමක් ඇති වුවහොත් ඔවුන්ව මැඩ පැවැත්විය හැකි ශාපලත් මන්ත්‍රයද ඒ තුළ විය.

    ශාපලත් මන්ත්‍රය ඔහු මතද පාවිච්චි කෙරූ බැවින්, ඔහුගේ කලින් මිතුරා කළු පස් ඔහු මතට හෙලන විට කේන් එදෙස බලා සිටියේ අඳුරු, නොපැහැදිලි දෑසින්ය. ඔහු අවසාන වරට දුටු දේ ලෙස මතක් වූයේ ගස් පිරුණාවූ  වනාන්තරයකට ඉහළින් තාරකාවන්ගෙන් පිරුණු අහසයි.

    අන්ධකාරය සියල්ල වසා ගනිමින් දැඩි නිහඬ බවක් ඇති කළේය. මෙම මන්ත්‍රය ඔහුව බැඳ තැබූ නමුත් ඔහුට ඉහලින් පොළොවේ තිබූ දේ චලනය වන බවක් ඔහුට දැනුණි. කුඩා, දරුණු සත්වයන් ඔහුගේ නොමැරුණ මාංශය අනුභව කිරීමෙන් වැළකී සිටියද නොදැනුවත්වම ඔහුගේ ආත්මයට වේදනා ගෙනදුන්නෝය.

    කාලය ගෙවී යත්ම, ඔහු නිසැකවම උමතු භාවයට පත්ව ඇත්දැයි සිතූ අතර, පසුව ඔහුට නිතරම ශබ්ද ඇසෙන්නට පටන් ගත්තේය...මිනිසුන්ගේ කටහඬ. ඔහු සිටියාවූ සිරගෙදරදී ඒවා ඇසීමට ඔහු ඉතා ප්‍රියකළ අතර  ඔහු ඒවා ඇසීමට ආශාවෙන් සිටියේය. සමහර අවස්ථාවන්හිදී ඔහුට මුළු පවුලකම කටහඬ ඇසුණු අතර තවත් විටෙක ඔහුට ඇසුණේ වැඩිහිටියන්ගේ හඬවල් පමණි.

    සමහර අවස්ථාවලදී ඔහුව බැඳ තිබූ වශීය සමඟ සටන් කිරීමට, උදව් ඉල්ලා සිටීමට හෝ තමා වෙනුවෙන්ම යම් ආකාරයක සමාගමයක් වීමට උත්සාහ කලේය. ඉන්ද්‍රජාලය ඔහුව තදින් අල්ලාගෙන, ඔහුව සම්පූර්ණයෙන්ම බල රහිත කර තිබිණි. ඔහු මෙම වශීය දැන සිටි අතර… ඔහු විසින් එය අමනුෂ්‍යයින් මත භාවිතා කර තිබුණි. එය ඉතා සංකීර්ණ ඉන්ද්‍රජාලයක් වූ අතර, ඔහුව නිදහස් කිරීමට නම් ආදරණීයයෙකුගේ රුධිරය අවශ්‍ය විය. අති මහත් ප්‍රේමයේ බන්ධනයක්, වින්දිතයාගේ ආත්ම සහකරුට පමණක් බිඳ දැමිය හැකි අන්දමේ බලවත් බන්ධනයක් විය යුතුය.

    එය සැමවිටම ආත්මයන් රහිත වැම්පයර්වරුන් සමඟ ක්‍රියාකර තිබුනේ ඔබට ආත්ම සහකරුවෙකු ඇමතීමට ආත්මයක් තිබිය යුතු බැවිනි. ලේ වැගිරීම් ගැන හැර වෙන කිසිවක් ගැන නොදන්නා ඔහුගේ භූතාවේශවූ  ඝාතක සහෝදර සහෝදරියන් ලෝකයෙන් පහ කිරීම සඳහා ඔහු කිහිප වතාවක්ම මේ මන්ත්‍රය භාවිතා කර තිබුණි.

    තමාගේ අවාසනාවන්ත විනාශය ගැන තිබූ හොල්මන් මතකය පිළිබඳව කේන් ද්වේශ සහගතව සිනාසුණේය… මන්ද ඔහුට ආත්ම සහකරුවෙකු නොමැති විය. අවම වශයෙන්, ඔහුට එවැනි තේරුම් ගැනීමට පහසු පුද්ගලයෙකු හමු වී නොතිබිණි. ඔහුට එවන් කෙනෙකු හමුවී තිබුනේ නම්, ලේ ගැලීම අතරතුර ඇය ඔහුගේ සොහොන මත පැකිලී වැටෙනු ඇතැයි සිතිය නොහැක. මලාකී කොතරම් සිත් තැවුලක්ද… ඔහු තම බිරිඳට කොතරම් ආදරය කළාද යත්, ඔහුට අවශ්‍ය වූයේ කේන් හටද එවැනි ප්‍රේමයක ගැඹුර පෙන්වා ඒ ගැන ආශාවෙන් සිටීමට සැලැස්වීමයි.

    ඔහු ඒ සඳහා ආශාවෙන් බලා සිටියේය. බොහෝ විට ඔහු කඳුළු සලමින්, දෙවියන් ඇහුම්කන් දෙන ඕනෑම දෙයක් ඉල්ලමින්, ඔහුගේ ආත්ම සහකාරිය තමා වෙත ගෙන එන ලෙස ඉල්ලා සිටියේය. ඔහු තම මිතුරාගේ බිරිඳ සැබවින්ම මරා දැමුවේ නම් එය සාධාරණ දඬුවමක් වනු ඇත. නමුත් ඔහු එවැනි අපරාධයකින් නිර්දෝෂී විය.

    එක් රාත්‍රියක, ඔහු සියලු බලාපොරොත්තු අතහැර දමා බොහෝ කලකට පසු… ඔහුට එය අසන්නට ලැබුණි. මලාකීගේ පැහැදිලි ගෙරවීමේ ශබ්දය මගින් ඔහුගේ උමතු අභ්‍යන්තර ජවනිකාවන් බිඳී ගිය අතර තවත් සත්වයෙකුගේ කෝපාවිෂ්ඨ කෑගැසීම ඒ සමගම නැගුණි. එවිටම ඔහුගේ මහත්වූ පුදුමයට ඔහුට ඇසුනේ, ඔහුට  කෙලින්ම ඉහළින් සිටි කුඩා දැරියකගේ කටහඬක් මගින් තම බලු පැටියාට කරදර නොකරන්නැයි ඔවුන්ට කරන්නාවූ කෑගැසීමකි.

    ඇගේ බියට පත් කුඩා හඬ, ඔහු තුළවූ  යම් දෙයක් බිඳ දමා ඔහුට නිදහස් වීමට දැඩි ආශාවක් ඇති කළේ,  එමගින් රාත්‍රි මෘගයන්ගෙන් ඇයව ආරක්ෂා කිරීමට ඔහුට හැකි වන බැවිනි.

    ‘මලාකී ඔයාගේ බලු පැටියාට කරදර කරන්නේ නැහැ පොඩි ළමයෝ’ කේන් තම මනසින් කීය.

    එය සත්‍යයකි. මලාකී කිසිම ආකාරයකින් ඔහුට දරුණු ලෙස වරදක් කර ඇති කෙනෙකුට මිස වෙන කිසිවෙකුට හිංසා නොකරනු ඇත… විශේෂයෙන් දරුවෙකුට. තම මිතුරා තමාට ඉහළින් කොතැනක හෝ ළඟ සිටින බව දැනගත් කේන්ට ජීවිතයේ නැවත පණ ගැන්වීමක් දැනුනි. තරුණිය නැවතත් කෑගසන විට ඔහුට තදින් කේන්ති ගිය අතර යමක් පොළොව මත තදින් වැටෙන හඬ ඔහුට ඇසුනි. රුධිරය… මෘදු පොළොව හරහා ඔහු දෙසට ගලා එන නැවුම් රුධිරයෙහි සුවඳ ඔහුට දැනුනි.

    එය ඔහුට මෙතෙක් සිදුවූ වඩාත්ම පිළිගත හැකි දෙය විය. එහි සුවඳ ඔහුගේ මනස ආක්‍රමණය කළ අතර ඔහුට ඒ සඳහා ළඟා විය නොහැකි බව දැන දැනත් ඔහු වඩා උමතුවකට තල්ලු වී ගියේය. ඔහු

    Enjoying the preview?
    Page 1 of 1